Feeds:
Posts
Comments

Posts Tagged ‘gala oya’

Please install Sinhala Unicode from here

මායාරංජන් නමැති ලේඛකයෙකු සිය දිගාමඩුලු අත්දැකීමි පාදක කර ගනිමින් 1948 දී පමණ කල කෘතියක සදහන් කරැණු කීපයක් මෙසේ දක්වමු මෙය ඔහුට උපහාර පිණිස පළ කරමු මන්ද යත් දැනට දිගා මඩුල්ලේ ඉතිහාසය පිළිබද දන්නේ අතලොස්සකි ඊට හේතුව මෙම ප්‍රදේශයේ පදිංචි කරැවන් බොහොමයක් බිබිල.මැදගම වැනි ප්‍රදේශවලින් ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් පදිංචි කළ අය නිසයි ඔවුන් ඉතිහාසය පිළිබද දැන ගැනීම සදහාද මෙවැනි කෘති පරිහරණය කරනු දක්නට තිබෙනවා

කෝටුවක් අතට ගත්තම කෝටියක් දෝස දුරැවනවා  මෙය පැරැණි දිගාමඩුල්ලේ ප්‍රස්ථා පිරැළකි

Patipal Aru was the old name of the Galoya pronouncing as “Galaoya”. Gala oya divided in to two branches as Pallan oya and the Ekgal aru.

Rainy season is November to January and dry season is July to August.

Growing trees are Rena, Wewarana, Burutha, Milla, Halmilla, Palu, Weera, Mora, Mee, Ketalela, Doba, Keena

Inside the jungle can experience the cool weather conditions just like Badulla, Bandarawela. Elephants sleep in the day time and begin to walk for food in the night.

අනෙක් සතුන් මිනිසා දුටු විට පැන යාමට උත්සාහ කලද වලසුන් එලෙස පැන දුව නොයයි වළසා හා වැලහින්නද සිටියහොත් තත්වය තවත් භයානකය

එකළ තනි නිවසක් පමනක් පැවතුනු ගමිද පැවති බව සදහන් . වහලය සදහා උයන් හෝ මිල්ල ගස්වල පොතු භාවිත කළා අමුත්තකු පැමිණි විට වංගෙඩිය පෙරළා පැදුරක් දමා වාඩි වීමට දෙයි මුදල් තබන්නේ දුමි මැස්සේ යි

ප්‍රධාන අහාරය ඉරිගු හා කුරහන්ය ඉරිගු පුලුස්සා හෝ කොටා බත් ලෙසද කනවා

ජලය ඉතා හිග අතර ගංගා ඉවුර දෙපස වළක් හාරා ජලය ලබා ගනී ග‍මෙ උසම ස්ථානයේ විහාරය ඉදි කර ඇති අතර පන්සල මුලික කොට ගත් ජන සමාජයක් මෙහි විසීය

දමන වෑගමි පත්තුවෙ යටි පළාතේ අග නගරයයි ගල ඔයෙන් වෑගමි පත්තුව දෙකට බෙදේ ඒ උඩ-මැද පළාත හා යටි පළාත ලෙසයි උඩ පළාතේ අගනුවර උහන වු අතර යටි පළාතේ අගනුවර දමන විය

දමන පාසැල අතු සෙවිලි කර ගොම මැටි ගෑ ගොඩනැගිල්ලකි උසාවිය පැවැත්වුයේ කොස් ගසක් යටයි අසනීප සදහා මන්ත්‍ර ආදියෙන් පිළියමි යොදා ගැනුනි

පාදාගොඩ

1818 වෙල්ලස්ස කැරැල්ල හේතුවෙන් සංක්‍රමණය වු ටිකිරි අප්පු හා තවත් සොයුරකු විසින් පිහිටු වන ලද ගමකි

වෙඩිතැබීම පුචිචනවා ලෙස භාවිතා කරයි වඩිනාගල ප්‍රදේශයේ පැවති උණු වතුර ලිං සේනානායක

සමුද්‍රයට ගොඩ නැගීමෙදී ඊට යට වී ඇත

ජනගහනය අඩු බැවින් උපතේදීම විවාහ වන පුද්ගලයා නියම කර ගනී

Galoya Development Project was started around 1948 by American company called Morisson Hudson International.

ආවෙණික වචන

සුමිබරේ- ජටාව

විසිරිපත-පවන් සලන උපකරණය

ලීමා-මෑ

ලන්ද-කුඩා කැළය

මුත්තෙටිටුව-කුඹුරක ඉඩමි කාරයාට වෙන් කරන කොටස

පෝපත්-පුවක් කොළය

තැරිය-දෙබල

කොස් විලා- පැහිලා

කකරනවා-හැදි ගානවා

උඹ-වැදගත් අයට කථා කිරීමට යොදා ගනී

උරල් වෙලා- ගණනට කුණු වෙලා

ඇනිකටි-අමුණ

ඇටිකිත්තා-ගෙමිබා

අමිමන්ඩි-නැන්දා

ජනකවි

වැටියට පිටින් බැහැගෙන හේනට                             එනවා

කොට වළිගය ගහ ගහ කුරහන්                                කනවා

කිටි කිටි හඩ දි දී මගෙ ඇග                               වෙවිලනවා

පිටියේ දෙවියනේ උරා                                         මරවනවා

ගොලෑ කල පටන් රා මදයෙන්                                   මත්ව

කැලෑවල වැදී තරැණයන් හා                                       එක්ව

උලා විදි උදර කිසි විලියක්                                         නැතුව

බෙලෑ හැටි දනිමු අපි විවරණ                                     ඇතුව

Read Full Post »