Feeds:
Posts
Comments

Posts Tagged ‘digamadulu geethaya’

උවේ කදු පෙළ නිළට නැමීලා

අඹ ආරේ වැව ඉස්මත්තේ

දිගාමඩුල්ලේ අසිරිය මතුවේ

වට මලු මහ දාගැබ් අතරේ

 

 

වෙල්ලස්සේ රණ ගීයට පණදී

ගල් ඔය දියවර ගෙනෙන බිමයි

වෑ කදු බැදලා ඒ මහ දියකද

සමුදුර ‍සේ සිර කෙරැන බිමයි

 

 

දැයටම අපගේ ජීවය සදහා

දිගාමඩුලු කෙත්වල නිල්ලයි

විල වැව වන හිස අසපුව අද වුව

අලි ඇතුන්ගෙ පෙම් ඕවිල්ලයි

 

 

ගායනය ඩබ්.ඩී අමරදේව

සංගීතය සෝමසිරි ඉලේසිංහ

පද රචනය සුනිල් සරත් පෙරේරා

Read Full Post »